පෙරදිගට අපරදිග මුණගැසීම
පෙරදිග පෙරදිගය - අපරදිග අපරදිගමයමේ දෙදෙන කිසිදිනෙක- ඔවුනොවුන් හමු නොවෙතිය".
Oh, East is East and West is West, and never the twain shall meet,
Till Earth and Sky stand presently at God's great Judgment Seat;
But there is neither East nor West, Border, nor Breed, nor Birth,
When two strong men stand face to face, though they come from the ends of the earth!
මේ කවියේ මුල් පදයෙන් කිප්ලින් එසේ කීවාට වැඩ සිද්ද වුනේ ඒ අයුරින්ම නොවේ. පූර්ව නූතන රාජ්‍යය සමයෙහි පෙරදිගත් අපරදිගත් සිදු වූයේ සමාන සිදුවීම්ය.
මේ පුරාවෘත්ත වලින් කියවෙන්නේ පෙර අපරදිග භේදයකින් තොරව පූර්ව නූතන යුගයෙහි මිනිසුන්ගේ ලෝක දැක්මෙහි තිබූ සමාන ස්වරූපයයි. භවුතිකව හමු නොවුනාට චින්තනමය වශයෙන් පූර්ව නූතන රාජ්‍යයේ වැසියාගේ දේශපාලන අදහස් වල සමානත්වයක් තිබිණි.
පෙරදිග අප විස්මිත විශ්මිත ශිෂ්ටාචාර ගොඩ නගන සමයෙහි බටහිර ජාතීන් තනිකරම ගල්ගුහා වල පමණක් ජීවත් වූයේ නැත. ඔව්හුද එවැනිම ශිෂ්ටාචාර ගොඩ නැගූහ. එසේම පෙරදිග සමහර සමහර මිනිස් සමාජ දඩයම් කරමින් ගල් ගුහා වල වාසය කරද්දී අපරදිග සමහර සමාජ වල ජන කොටස්ද එසේම වූහ. මේ වනගත සමාජයන්හි නෂ්ටාවශේෂ අදත් පෙර අපර දෙදිගම දැක ගැනීමට ඉතිරි වී තිබේ. පෙරදිග ඉන්දියාවේ දියුණු ශිෂ්ටාචාරයක් ඇතිවන වකවානුවේ බටහිර ග්‍රීසියේද ඊට නොදෙවෙනි දියුණුවක් ඇති විය. පෙරදිග බුදුන් වහන්සේ, ජින මහාවීර, චානක්‍යය බිහිවන විට බටහිර සොක්‍රටීස්,ප්ලේටෝ ඇරිස්ටෝටල් බිහි වූහ.
ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹුණේ ග්‍රීසියේ ඇතන්ස් රාජ්‍යයෙන් පමණක් නොවේ. ලිච්චවින්ගේ ගණතන්ත්‍ර පාලනයද ප්‍රජාතන්ත්රයකි.අපේ රටේ තිබූ වරිග සභාවද ප්‍රජාතන්ත්රයකි. ප්‍රජාතන්ත්‍රය වනසමින් අධිරාජ්‍යය හැදුවේ බටහිර ඇලෙක්සැන්ඩර් විතරක් නොවේ. බුදුන් සරණ ගිය පෙර දිග අජාසත්තද ලිච්චවින් පරදවා මගධ අධිරාජ්‍යය පළල් කළේය.
පූර්ව නූතන රාජ්‍ය යුගය පිලිබඳ කව්යෝක්තිගත අගතීන් ගෙන් තොරව බලන කල පෙනෙන චිත්‍රය එවැන්නකි. භූ ගෝලීය වශයෙන් දුරස් වුවද පූර්ව නූතන රාජ්‍යය සම්බන්ධයෙන් පෙරදිගත් බටහිරත් ඇත්තේ සමානකම්ය.
අපරදිග සම්බන්ධයෙන් සමහර ජාතික වාදීන්ද පෙරදිග සම්බන්ධයෙන් සමහර නූතනවාදීන් ද තම දේශපාලන අගතීන් වැපිරීමට ඉතිහාසය කෙලි මඩලක් කර ගන්නා ආකාරය අපි දිනපතා අත් දකිමු. මේ අගතීන් ඔස්සේ යමින් අපට සිදු වන්නේ කුමක්ද යන්න වටහා ගත නොහැකිය.
මිනිසා නිර්මාණය කර ගන්නා අනෙක් සෑම සමාජ ආයතනයක් මෙන්ම රාජ්යද වෙනස් වන සමාජ ආයතනයකි. රාජ්‍යයේ ස්වභාවයද ඉතා හෙමින් නමුත් වෙනස් වෙයි. පූර්ව නූතන, ආසියාතික රාජ්‍යය වෙනස් වී නූතන රාජ්‍යය බිහි විය. අප මේ ජීවත් වෙන්නේ එම නූතනත්ව රාජ්‍යයද වෙනස් වීමකට අවතීර්ණ වී තිබෙන සමයකය. ඒ කුමන වෙනස් වීමක්ද යන්න ඉදිරියට සාකච්චා කරමු. ඒ සදහා ඉතිහාසයෙන් නූතන රාජ්‍යය දෙසට හැරෙමු
No comments:
Post a Comment