Tuesday, July 30, 2013

උමාඔය මොරගහකන්ද ව්‍යාපෘතියෙන් රාවණා යුගයේ උමං මාර්ග හා බිම් ගෙවල් අවදානමකඋමා ඔය මොරගහකන්ද ජලාශ යෝජනා ක‍්‍රම බැලූ බැල්මට සුබදායක, රටට හිතකර සංවර්ධන වැඩපිළිවෙලක් ලෙස පෙනුණත් අනාගතයේදී එමඟින් උඩරට බොහෝ ගම් නියම්ගම් අනතුරුදායක තත්ත්වයකට මුහුණපාන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පෙන්වා දෙයි.
මාතලේ දිස්ති‍්‍රක්කයේ ලග්ගල, දඹුල්ල, රත්තොට ආදී ප‍්‍රදේශවලටද, මහනුවර දිස්ති‍්‍රක්කයේ වත්තේගම සෙංකඩගල සහ දුම්බරටද, බදුල්ල දිස්ති‍්‍රක්කයේ හපුතලේ, වැලිමඩ සහ පස්සරටද, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ හිරියාල හා දොඩම්ගස්ලන්ද ආදී ප‍්‍රදේශවලද මේ අනතුරුදායක තත්ත්වය බලපාන බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර පවසයිි.
ඉදිකිරීම් යෝජිත මේ ජලාශවල ජලය රාවණා යුගයේ උමං මාර්ගවල හා බිම් ගෙවල්වලට කාන්දු වීමට අවකාශ ඇති නිසා නාය යෑම්, භූමිකම්පා සිදුවිය හැකි යැයිද, වත්මන් භූ විද්‍යාඥයන් එම ප‍්‍රාග් ඵෙතිහාසික උමං මාර්ග ගැන සැලකිල්ලක් දැක්විය යුතු යැයිද එසේ නොවුණහොත් දැඩි අවධානම් තත්ත්වයක් උදාවිය හැකි යැයිද එම මහතා සඳහන් කරයි.
බැලූ බැල්මට උමා ඔය සහ මොරගහකන්ද ජලාශ යෝජනා ක‍්‍රම ලාභදායී ලෙස පෙනී ගියත් වක‍්‍ර ලෙස ඉන් ඇතිවන පාඩුව මධ්‍යම, ඌව සහ වයඹ පළාත් තුනට සුවිශාල යැයි ආචාර්ය ඔබේසේකර පවසයි.

No comments:

Post a Comment